මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වන ඉන්දීය අමුල් සමාගම මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් තුට්ටු දෙකට ලබා ගැනිමට සූදානම් වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරැණාරත්න පවසයි .
අද මහනුවරදි “අත නොතබනු මැයෙන් ” මහජන පෙත්සම් අත්සන් කිරිමේ වැඩසටහනක් දේශීය කිරි කර්මාන්ත හා ගොවබිම් සුරැකීමේ ජනතාව ව්‍යාපාරය සංවිධානය කර තිබුණු අතර එහිදී නාමල් කරුණාරත්න මෙම අදහස් පල කර සිටියා.
ජාතික පසු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළවල් 32 ක් , ඉඩම් අක්කර 28,802 ක්, මිල්කෝ ආයතනය, කිරි මධ්‍යස්ථානය 97 ක් , කිරි නිශ්පාදනාගාර 5 ක්, අමුල් සමාගමට මෙසේ තුට්ටු දේකට ලබා දිමට කටයුතු කර ඇති බවත් ඉන්දියාවේ අමුල් සමාගමට මේ වන විට අදාළ ඉඩම් හඳුනා ගැනීම සඳහා පැමිණ සිටින බවත් ආණ්ඩුව වහාම මෙම කටයුත්ත නතර කල යුතු බවත් ඔහු සදහන් කර සිටියා.
මේ අතර ඉන්දියාවේ සංචාරකයන් නිතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම ඉන්දීය අමුල් සමාගමේ ප්‍රධානින් හමුවි ඇත.
