සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (12) වන දින පැවති සාකච්ඡා අසාර්ථක බවත් හෙට උදැසන 6.30 සිට දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කර සිටි.

පසුගිය 7 වන දා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය යෝජනා කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පසුගිය 6 වෙනිදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව අද (12) දිනට ලබා දුන් සාකච්ඡාව මත තාවකාලිකව සතියක කාලසීමාවකට අත්හිටුවීමට තීරණය කරන ලදි.

නමුත් අද දින සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වු බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමට නිසි පිළිතුරක් දිමට අපොහොසත් විම හේතුවෙන් ඒ සදහා ඒක්ව සිටින වෘත්තය සමති 72 ම නැවත වෘත්තිය ක්‍රියාමාර්ගවලට යාමට තිරණය කල බව වාර්තා වේ.

වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩි කළ ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඔවුන් ආරම්භ කරනු ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page