දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුල මෙරට ආයෝජනය කළ ඇමරිකානු සමාගමක් වන Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තැබිම අද (12) දින කොලොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත ප්‍රධාන කාර්‍යාලයෙදි සිදු කරන ලදී .

2023 වසරේ ජූලි මස 08 දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් කල අතර අදාළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත මෙම ලිවිසුම් ගතවීම අද සිදුවිය .

Shell – RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම තුල ඉඩ සැලසෙනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page