U P I ගෙවිම් ක්‍රමය ලෙස හැඳින්වෙන
ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළත් අද (12) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ක්‍රියාවලිය හඳුන්වාද වීමට නියමිතයි මෙරටට හඳුන්වාදීමට නියමිතය.

මෙම ක්‍රමය යටතේ භෞතිකව මුදල් ගනුදෙනු නොකර ඉන්දීය බැංකු වෙත ඍජුවම ඉන්දීය රුපියල් මගින් ගෙවීම් කළ හැක.

මෙම ගිවිසුම සඳහා ඉන්දීය අග්‍රාමත්වරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මාර්ගගත ක්‍රමය හරහා අත්සන් තැබීමට නියමිතය.

මෙම පද්ධතිය හරහා ජංගම දුරකථන මාර්ගයෙන් සංචාරකයින්ට මෙන්ම මෙරට ප්‍රජාවටද අන්තර් බැංකු සහ පුද්ගල වෙළඳාම් ගනුදෙනු සඳහා පහසුකම් සලසනු ලබයි.

මේ අනුව ගනුදෙනු භෞතිකව සිදු නොකර ඉන්දීය බැංකු වෙත ඍජුවම ඉන්දීය රුපියල් මගින් ගෙවීම් සිදු කළ හැකියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page