ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි .

පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය ඒ බව සඳහන් කර සිටියා.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව සඳහන් කරන ඇය ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීම ඉතා වැදගත් බවත් සදහන් කර සිටියා .

සියලු දුරකථන සමාගම සම්බන්ධ කරගෙන ඔබගේ හැදනුම්පත් අංකය යටතේ සිම් කාඩ් පත් ලියාපදිංචි වී ඇතිදැයි විමසා බැලිය හැකි බවත් ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page