පසුගිය දා ඉන්දියාවේ දි සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා මෙරට ස්වෛරීභාවය උල්ලංඝනයන කරන බවත් අමාත්‍යවරයාට එරෙහිව නුදුරු දිනයක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සදහන් කලා.

එම ප‍්‍රකාශය හරහා අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන දිවුරුම කඩ කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page