ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත .
රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව අද උදෑසන රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධිය පිළිබඳව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න සිදු කර ඇත .
අනතුරුව මෙලෙස ප්‍රශ්න කල සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
