මෙම වසරේ දෙසැම්බර් මස 15 වැනි දා දක්වා පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කර සිටි .
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහෙත් ගනුදෙනුකාර පාර්ශ්වයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැංකුවවලට ඇති අයිතියට මෙමගින් බලපෑමක් නොවන බවයි
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත් ක්ෂේත්‍රය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි
කෙසේ වෙතත් මෙමගින් බැංකු පද්ධතියට සිදු වන හානිය පිළිබඳ මහ බැංකුව මගින් නිරීක්ෂණය කරනු ලබන අතර පරාටේ නීතිය ක්‍රියාත්මක වන්නේ රුපියල් මිලියන 5කට වැඩි ණය සඳහා වන අතර ඒ වෙනුවෙන් ඇප ලෙස තබා ඇති දේපොල අධිකරණමය ක්‍රියාමාර්ගවලින් තොරව අත්පත් කර ගැනීමේ හැකියාව මෙමගින් බැංකුවලට හිමිව තිබේ.
