හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පවසා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදිය..
ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල කොටස් දෙකක් බවත් බැසිල් රාජපක්ෂ මේ ආණ්ඩුව විනාශ කරන බවත් මේ ආණ්ඩුව වැඩිකල් නොතිබෙන බවත් ගෝඨාභය රාජපක්ෂට මේ පක්ෂ නායකත්වය අතට අරන් ලැබිච්ච ජනවරම රැකගන්න කටයුතු කරන ලෙස ප්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසූ බවත් ඔහු වැදුරටත් සඳහන් කළා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කරයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකට පාත් සාමන්ත්‍රීවරයකුට මෙන්ම කිසිදු පුද්ගලයකුට එක වටාවේ රාජපක්ෂ හමුවීමට ඔහු ඉඩ නොදුන් බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කළා.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද මෙම කඩාවැටීමට වගකිවයුතු බවත් මිරිහාන ප්‍රදේශයේ දි පැවති සාමකාමී විරෝධතාවය මැඩපතීමට කටයුතු කරන ලෙස ගෝඨාභය ජනාධිපතිවරයා එවකට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට සහ හමුදාපති ශාවෙන්ද සිල්වාට දැනුම්දීම් සිදුකර බවත් නමුත් එම ආරක්ෂා ප්‍රමාද වූ බවත් සූගීෂ්වර බණ්ඩාර කියා සිටියා
එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස වට කිරීමට 150ක 180ක පිරිසක් පැමිණෙන බව ජෙනරල් සලේ ගෝඨාභය ජනාධිපතිවරයාට පැවසු නමුත් පසුව එම ප්‍රදේශය 2000 ක් පමණ පිරිසක් පැමිණි බවත් ඔහු සඳහන් කළා.
ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානමක් තිබූ බවත් ඒ සඳහා පැමිණ සිටියේ මුස්ලිම් ජනතාව බවටත් එහිදී තවදුරටත් හෙළිදරව් කලේය.
