දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සවස කොළඹදී සිදු කරනු ලබයි.

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී හෙට සවස 3.30 ට සිදුකරන ඒම ගුණසමරුව ගාමිණී දිසානායක මැතිතුමාගේ වැඩිමහල් පුත් වත්මන් සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා සහ බාල පුතුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ උපදෙස් මත “ගාමිණී දිසානායක පදනම” විසින් සංවිධානය කරනු ලබයි…

හිටපු කතානායක කරූ ජයසූරිය මැතිතුමා ඇතුළු සම්භාවණිය පිරිසකගේ හා එතුමන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් මෙම ගුණ සමරුව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

1942 මාර්තු 20 වන දින මහනුවරදි උපත ලැබු ලයනල් ගාමිණී දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේන් දිප්තිමත ආදි ශිෂ්‍යයෙකු ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් නිති විද්‍යාලයේන් ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේත් අධ්‍යාපනයත් ලබා ඇත.

1970 නුවරඑළිය ආසනය ජයග්‍රහණය කරමින් ඒක්සත් ජාතික පක්ෂයේන් පාර්ලිමේන්තුවට පැමිණ අධිනීතිඥ ගාමිණී දිසානායක මැතිතුමා 1777 ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ වාරිමාර්ග ,විදුලිබල හා මහාමාර්ග අමාත්‍යවරයා විය.

ගාමිණී දිසානායකයන්ගේ නාමය ලක් ඉතිහාසයේ කිසිදු අයුරකින් ජන හදවත් තුලින් නොමැකෙන මතකයක් සනිටුහන් වුයේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගැනිමයි.

කැබිනට් අමාත්‍යවරයෙක් , විපක්ෂ නායකයවරයෙක් හා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තම දේශපාලන ගමනේ හිනි පෙත්තටම ආ ගාමිණී දිසානායකයන් එදා 1994 ඔක්තෝම්බර් 23 වනදා ජනාධිපති මැතිවරණ වේදිකාවේදී කුරිරු දේශපාලනයේ ගොදුරක් වෙමින් මරාගන මැරෙන බෝම්බ කාරියක් විසින් ඝාතනය කරන ලදී…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page