ශ්‍රී ලංකා මහ බැංකුව අන්තනෝමතික ලෙස මහා බැංකුවේ ස්වාධීනත්වය පාවිච්චි කරමින් පහළම සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සියයට 70 කින් වැටුප් වැඩිකර ගැනිම සධාචාරත්මක සහ යුක්ති සහගත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සදහන් කරයි .

මුලු රටේම මිනිස්සු ආර්ථික අර්බුදයකින් පිඩා විදින අවස්ථාවක ඔවුන් පමණක් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීමට කටයුතු කිරිමට ඒරෙහිව අපි හඬ නැගුවත් මහ බැංකුවේ අධිපතිතුමා, නිලධාරී මණ්ඩලය, වෘත්තීය සමිති, විවිධ කතන්දර කියමින් සිට්න බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා

ඔහු මේ බව සදහන් කලේ අද දහවල් සමග ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ..

වසර තුනකට සැරයක් ඔවුන් සාමාන්‍යයෙන් සියයට 20 කට ආසන්න ප්‍රමාණයකින් පඩි වැඩි කරගන්නවා. මෙවර සියයට 70 කින් පඩි වැඩි කරගෙන. පියන් කෙනෙකුගේ පඩිය 180,000/- පමණ මට්ටමට වැඩිවෙලා. පුවත්පතක කවියකුත් ගිහිල්ල තිබුණා මහ බැංකුවක වැඩ කරන කෙනෙකුට විතරයි මනමාලියෙක් හොයන්න වෙන්නේ කියලා.

සියයට 70 කින් ඔවුන් පඩි වැඩි කිරීම කරගෙන තිබුනෙ මේ වර්තමාන ආණ්ඩුව විසින් දාපු උපයන විට ආදායම් බද්ද හෙවත් payee tax එක මේ වැඩිවීමත් එක්ක වැඩි වෙනකොට කැපෙන ප්‍රමාණය නවත්තගන්න , nett amount එක සියයට 20 කින් වැඩිවෙලා ලැබෙන විදිහට තමයි සියයට 70 කින් පඩි වැඩි කරගත්තේ. මේ පිලිබදව, රටේ මහජන නියෝජිතයින්ගේ, මහජනතාවගේ, සියලු දෙනාගේම ඇඟිල්ල දික්වුනා මහ බැංකුව වෙතට. අපි පැහැදිලිවම කිව්වා හරියට මේක කැලේක අතරමං වෙච්ච කාන්තාවක් බේරගන්න ඇවිල්ල, ඒ කාන්තාව දූෂණය කරනවා වගේ වැඩක් කියලා.

රටේ ආර්ථික බංකොලොත්භාවයෙන් මිදෙන්න වැඩ කටයුතු කරන්නේ මහ බැංකුව. මේ මහ බැංකුවේ නිලධාරීන් සියලු දෙනාම වගකියන්න ඕන මේ ආර්ථික වශයෙන් කඩාපත්වීම සම්බන්ධව. විශේෂයෙන්ම වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්ව සිටියා. රජය මොන තීන්දුවක් ගත්තත් ඒ ආයතන වෘත්තීය මට්ටමින් , ඒ වෘත්තීයමය නිර්දේශ ලබාදීම ඔවුන් විසින් කළ යුතුව තිබුණා. එසේ තිබියදී තමයි මේ වැටුප් වැඩිවීම කරගෙන තියෙන්නේ . ඒ වෙලාවේ ඒගොල්ලො කිව්වා මේක ස්වාධීන ආයතනයක් රජයෙන් යැපෙන ආයතනයක් නෙමෙයි කියලා . ඒත් මේක ඉන්දියාවේ මහ බැංකුව නෙමෙයි ලංකාවේ මහ බැංකුව කියලා මම කියනවා.

ලංකාව ඇතුළෙ මහ බැංකුව මේ විදිහට වැටුප් වැඩි කරගත්තහම අනිත් ආයතන, බැංකු පද්ධතින් සියලු දෙනාම ඒ ආකාරයෙන් පඩි වැඩි කරන්න යයි. එතකොට සිදුවෙන අසාධාරණය තමයි, මහ බැංකු සේවකයාගේ වැටුප් වැඩි කිරීමෙන් ඔහු payee tax එකෙන් බේරෙනවා. අනිත් සමාගම් සමාගම්වල බැංකුවල සහ ආයතනවල සියලු දෙනාම payee tax එක ගෙවන්න ඕන. මේකෙ අසාධාරණකම මුලදී පිළිගත්තේ නැති වුණාට අපි දන්නා තරමට මහ බැංකුව ඉහළ නිලධාරීන් විසින් මහ බැංකුවේ වෘත්තීය සමිතීන් වෙත ඉල්ලීමක් කරලා තියෙනවා වැටුප් අඩු කර ගැනීමට එකඟවන ලෙස.

ඒකට පිළිතුරක් ලෙස මේ මාසෙ 14, වෘත්තීය සමිති එකමුතුව හා මහ බැංකු සේවක සංගමයේ ලේකම්වරයා විසින් ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා එහි සදහන් පරිදි , 2024/26 වැටුප් සංශෝධන යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසාන වශයෙන් කළමනාකාරීත්වය සමඟ එකඟ වූ වැටුප් ව්‍යුහය වෙනස් කිරීමට වෙනත් කිසිදු හේතුවක් මත අප සංගමය එකඟ නොවනවා කියලා.එය වෙනස් කිරීමට යාම තුළින් පවතින දේශපාලන හා සමාජ වටාපිටාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් ගන්නා ලද තීරණවල නිරවද්‍යතාවය විවාදයට ලක්විය හැකි බව අප කියනවා.

ඒ කියන්නේ මේකෙන් ගම්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි හඬ නැගුවායින් පස්සේ මහ බැංකු ඉහළ කළමනාකාරිත්වයට දැනිලා තියෙනවා තේරිලා තියෙනවා ඒසා විශාල ප්‍රමාණයකින් වැටුප් වැඩි කර ගැනීම යුක්ති සහගත නොවන බව සහ එය වැරදි බව. ඒ නිසා තමයි මේ වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කරන්නේ වැටුප් අඩු කරන්න එකඟ වෙන්න කියලා. මුලදී ඔවුන් බැලුවා ඒ ඒ දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති දාලා ඒ ඒ දේශපාලන පක්ෂ ආම්බාන් කරගන්න. ඒක හරි නොගිය තැන ඔවුන්ට වැරැද්ද අවබෝධ වීම පිළිබඳ අපි සතුටු වෙනවා. නමුත් වෘත්තීය සමිතියක් මේ විදියේ ලියුමක් යැව්වට පස්සේ මේකෙන් ගම්‍ය වෙන්නේ මොකක්ද ? ඔවුන්ගේ ස්වාධීනත්වය ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පමණක් පාවිච්චි කරමින් රට ගැන හෝ අනෙකුත් පුද්ගලයන් ගැන අබමල් රේණුවක සංවේදී භාවයක් නැහැ කියන එක.

අපි අහන්න කැමතියි වෘත්තීය සමිතිවලට ඕන විදිහටද මහ බැංකුවේ කළමනාකාරීත්වය වැඩ කරන්නේ? වෘත්තීය සමිති වලට ඕන විදිහට වැඩ කරන්න ගිහිල්ලා මේ රටට අත්වෙලා තියෙන ඉරණම ගැන අපිට පැහැදිලිව පේනවා . අද පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවකගේ බර සාමාන්‍ය මහජනතාව මිලදී ගන්න පරිප්පු කිලෝවෙන් හාල් කිලෝවෙන් සීනි කිලෝවෙන්, තේ කොළ දෙසිය පනහෙන් බදු ගහලයි නඩත්තු කරන්න වෙලා තියෙන්නේ.

උදාහරණයක් විදිහට අපි තෙල් ගහන්න IOC එකට ගියත් සිපෙට්කෝ එකට ගියත්, cash දීලා තමයි ගන්නේ ණයට නෙමෙයි. හැබැයි IOC කෝටි ගණන් ලාභ ලබනවා, සිපට්කෝ එක කෝටි ගණන් පාඩු ලබනවා. එතකොට මේ වගේ පාඩු ලබන ආයතන ගණනාවක බර මහජනතාවට දරන්න වෙලා තියෙනවා. මේ දේවල් මේ තත්ත්වයට පත්වුණේ වෘත්තීය සමිති වලට ඕන විදිහට නටන්න දිපු නිසා.

අපි මහ බැංකු අධිපතිතුමාගෙනුත් කළමනාකාරීත්වයෙනුත් අහනවා, ඔබතුමන්ලා පිළි අරගෙන තියෙනවා මේ වැටුප් වැඩිවීම වැරදියි කියලා. මහජනතාවගේ හඬ හරි කියල. දේශපාලනඥයන්ගේ හඬ හරි කියල, අපි තර්ක කලේ සියයට 70 කින් වැටුප් වැඩි කිරීම ගැන මිසක් අපි වැටුප් වැඩි කරන්න එපා කියලා කිව්වේ නැහැ.මේ ප්‍රතිශතයේ තමයි අවුල තිබුණේ.

තවදුරටත් වෘත්තීය සමිති වලට ඕන විදිහට වැඩ කරනවද නැද්ද කියන එක ගැන අපි දැනගන්න කැමතියි. ඔබතුමන්ලා පිළිඅරගෙන තියෙන තත්ත්වය තුළත්, මහජනතාවගේ සහ දේශපාලනඥයන්ගේ විරෝධතාව තුළත්, අඛණ්ඩව මේ විදිහට මේ තීරණය වෙනස් නොකර වැඩ කරනවා නම් අපිට තීරණයක් ගන්න වෙනවා මහජනතාව මීට විරුද්ධව පෙළ ගස්වන්න.

ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වැටුප් වැඩිවීම මේ වෙලාවට සුදුසු පරිදි අඩු කරගන්නා ලෙස, එහෙම නොවුනොත් අපිට ඒ පිළිබඳව තවදුරටත් ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා කියන එක කියන්න ඕන .

ඒදා මම අගමැතිතුමාගෙන් ප්‍රශ්නය ඇහැව්වෙ නැත්නම් මේක මේ තරම් දුරට මතුවෙන්නේ නැහැ. වැටුප් ඒ ඒ ශ්‍රේණි අනුව මෙච්චර ප්‍රමාණයකින් වැඩි වුණා කියන එක එළිවෙන්නේ නැහැ.එදත් අගමැතිතුමා පැනලා යන්න හැදුවේ.නමුත් ජනාධිපතිතුමා එතන හිටපු නිසා මම ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරලා එතුමා පටන් ගත්තු සම්ප්‍රදාය අනුගමනය කරන්න කියලා මම අගමැතිතුමාට කියපු නිසා තමයි එකඟ වුණේ.

පැහැදිලිවම මේ කට්ටිය මේකේ බැලන්ස් එකක් ගහන්න ලෑස්ති උනේ. මෙච්චර කල් මේවා එළියට ආවේ නැහැ. එළියට ආපු නිසා තමයි මේක පත්තු උනේ. ඒ නිසා දැන් තේරිලා තියෙනවා මේක රිවස් කරගන්ඩ වෙනවා කියලා. ඒ බැලන්ස් කිරිල්ල වැරදිලා තියෙනවා කියන එක තමයි මගේ හැඟීම.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page