ආර්ථක සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව ජනලේඛන සංඛ්‍යා ලේඛන නවතම වාර්තා මගින් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි .
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2023 වසරේ සිවු වැනි කාර්තුව සඳහා වන නිෂ්පාදන ප්‍රවේශය මගින් ඒ බව සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බවයි. 2022 වසරේ – 4.6ක් ලෙස දැක් වුණ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනය 2023 වසර තුළ 4.5%ක ධන අගයක් බවට පවත් ඇති බවයි
අමාත්‍යවරයා පවසන්නේ. බාහිර යෙදවුම් සුලබ වීම ඊට හේතුව ලෙස දක්වා ඇති අතර පොහොර ඒ අතරින් ප්‍රධාන වන බව සියඹලාපිටිය මහතා පවසයි. එම කාලය තුළ වී වගාව 20%ක වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. 2022 දී කර්මාන්ත අංශයේ පැවැති 16%ක ඍණ වර්ධන වේගය 2023 වසරේ දී 9.2%ක ඍණ අගයක් බවට පත්ව තිබේ. 2023 වසර අවසන් කාර්තුවේ වර්ධනය දැක්වෙන්නේ 7.9%ක ධන අගයක් ලෙසයි.
කෙසේ වෙතත් 2022 වර්ෂයේ සිව්වන කාර්තුවේ වාර්තා වූ සියයට 12.4 ක ඍණ ආර්ථික වර්ධනය 2023 වර්ෂයේ සිව්වන කාර්තුවේ දී 4.5%ක ධන වර්ධනයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
