මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් මැතිවරණයක් පවත්වා රට නැවත ආර්ථික වශයෙන් අවස්ථාවර වුවහොත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස කඩාවැටීමකට ඉඩ ඇති බව ජාතික සංවිධාන ඒකමුතුවේ කැදවුම්කරු තුසිත පෙරේරා මහතා සදහන් කරයි …

ජනතාවට අවම පිඩනයක් තුල ඔවුන්ගේ කඩා වැටුණු ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් කිරිමට හැකි වුයේ රට තුල නිවරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වු නිසා බවත් එම ක්‍රමවේදය යම් ලෙසකින් හෙල්ලිමකට ලක් වුවහොත් නෑවත වරක් ඔවුන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව ඔහු සදහන් කර සිටි.

වසර 2 කට පෙර බිංදුවම වැටිච්ච මේ රටේ ආර්ථිකය මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වන අවධියක පවතින නිසාත් .මෙම අවධිය තවමත් මූලිකම මට්ටමෙන් පවතින නිසාත්, රට යම්තාක් දුරකට ස්ථාවර වීමට තවත් වසර තුනක් හෝ හතරක් මෙම ප්‍රතිපත්තිමය කාරණා ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය වන බව ඔහු සඳහන් කරයි.

මැතිවරණයක් පැවැත්වීම සුදුසු කාලයේ දී සිදුකිරීම රටක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වුවත් මේ මොහොතේ රට ගමන් කරන අවධිය දෙස සලකා බැලිමේදි එය රටේ අනාගත ස්ථාවරත්වයට සුදුසු නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි .

සංචාරක ආදයම ඉහළ යමින්…විදේශ ප්‍රේෂණ ලැබෙමින් රටේ විදේශ සංචිත යම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබුනත් ඒය මෙමෙ අර්බුදයෙන් සංවර්ධන කරා යන ගමනේ කෙටිකාලීන විසදුමක් පමණක් වේ.

රට ආර්ථික වශයෙන් යම්තාක් දුරට හෝ ශක්තිමත් විමට නම් රටේ නිශ්පාදණය ඉහල යාම හා අපනයනය ඉහලයාම හා විදේශ ආයෝජන ලැබිම ඉතා වැදගත් වනු ඇත…

කඩා වැටුණු දේශීය කර්මාන්ත කරුවන්ට සහන ලබා දිම මගින් රටට ලැබෙන දායකත්වය හා අපනයනය ශක්තිමත් විම තුලින් අපනයන ඉහලයාම ආර්ථිකය ප්‍රසාරනයවිම හා විශේෂයෙන්ම ආයෝජකයන් මෙරටට පැමිණ රටේ ආර්ථිකයට දායක වීමේ ප්‍රතිඵල ලබා ගැනීමට තව වසර තුනක් හතරක් ගතවීම හේතුවෙන් මැතිවරණයක් පවත්වා ආයෝජකයන් නිෂ්පාදකයන් දේශපාලන අස්ථාවරයක් මතුවේ යන සැකයෙන් තම ආයෝජනය නවත්වා නිෂ්පාදන කටයුතු අඩු කිරීමට මැතිවරණයක් පැමිණෙන අවස්ථාවේදී නිරන්තරයෙන්ම සිදුවන බවද ඔහු සඳහන් කළා…

ඒ හේතුවෙන් රට යම් ස්ථාවරත්වයකට පත්වනතුරු කඩා වැටුණු කර්මාන්ත නැවත ශක්තිමත් ආර්ථිකයට දායකත්වය ලබා දෙන තුරු , විදේශීය ආයතකයන් පැමිණ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන තුරු හා විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා රටේ ආර්ථික යම්තාක් දුරට වර්ධන වේගයක් ලබා ගන්නා තුරු මැතිවරණයක් නොපවත්වා සිටීමට හැකිනම් ඒය මේ රටේ ස්ථාවරත්වයට මහත් රුකුලක් වන බව පවසයි.

ඒ හේතුවෙන් පවතින ක්‍රමය තුළ සියලු දෙනා එක්වී රටේ අනාගතය ගැන සිතා රට ස්ථාවරවනතුරු මැතිවරණයක් පවත්වනවා වෙනුවට ආයෝජකයන්ට නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට රට තුළ ආයෝජනය කිරීමට විශ්වාසයක් ගොඩනැගීමට කටයුතු කිරීම වැදගත් වන බව ඔහු සඳහන් කර සිට.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page