උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද (08) දින පෙරවරු 10 ට පදනම් ආයතනයේ දි කැඳවා ඇත .

එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහි මුලසුන දැරීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා අය හැරුණුකොට අන් සියලු සාමාජිකයින් ඊට කැඳවා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටුයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රෙල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් ය.

පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථනගතවී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා සිදුකළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම පොලීසිය තහනම් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page