මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් කාර්‍යභාරයක් සිදුකරන පැරිස් සමාජය තව දුරටත් ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සහය දෙන බව සදහන් කර සිටියි.
පැරිස් සමාජයේ සම සභාපති සහ ප්‍රංශයේ බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ සහ සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් විලියම් රූස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර පැවැති හමුවක දී නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවක් අමෙරිකාවේ වොංෂින්ටන් නුවර මේ වන විට පැවැත්වේ.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවට සමගාමීව මෙම හමුව සිදු වන අතර ඔපෙක් අරමුදලේ සභාපති අබ්දුල්හමිඩ් අල්කලීෆා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර ද විශේෂ හමුවක් පැවැත්විණි.
ශ්‍රි ලංකාව හදුනාගත් ප්‍රමුඛතාගත ව්‍යාපෘති සදහා මූල්‍යකරණ පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීමට කිරීමට අරමුදල දැනටමත් තීරණය කර ඇති බවත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රජය අනුගමනය කරන ගෝලීය වශයෙන් පිළිගත් යහපත් භාවිතයන් අගය කරන බවත් මෙම හමුවෙදි ඔහු සදහන් කර සිටියා
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක ආන්ජලී කෞර් මහත්මිය සමඟ පැවැති සාකච්ඡවේ දී විවිධ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කළ අතර රජය විසින් පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව කෞර් මහත්මිය අවධාරණය කළා ය.
දැනට ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ ඇතුළුව සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ද එහි දී අවධානය යොමු විය.
මේ අතර “දේශගුණය සහ සංවර්ධනය සඳහා මුල්‍ය විසඳුම් මෙහෙයවීම” පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ද අමාත්‍ය සේමසිංහ මහතා සහභාගී විය. දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය සම්බන්ධ අවධානය යොමු විය යුතු ගැටළු ගෝලීය නායකයින් සහ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ සාකච්ජා කිරීමට අවස්ථාව හිමි වූ අතර ගෝලීය වශයෙන් මුහුණ දෙන අභියෝග සදහා විසඳුම් සෙවීමට සහයෝගයෙන් කටයුතු කිරීමටත්, අත්දැකීම් හුවමාරුකර ගැනීමටත් මෙම හමුව අවස්ථාවක් බව සදහන් කරයි
