ඊයේ (05) දහවල් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදි ඇති ව්‍යාපාරිකයා සංජන අයන්ත නැමැති 38 හැවිරිදි අයෙක් බවත් වෙඩි පහරින් ව්‍යාපාරිකයාගේ මුඛයට බරපතළ තුවාල සිදුව තිබෙන බවත් සදහන්.
පොලීසිය පවසන්නේ ඩුබායි හි සිටින සැකකරු පසුගිය අප්‍රේල් 29 වනදා මෙරටට පැමිණ ඇති අතර ඔහු මෙම වෙඩිතැබීම සඳහාම පැමිණ ඇති බවටත් සැකකරන බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මෙම වෙඩික්කරුගේ වැඩිමහල් සොයුරියක් සමග විවාහ ගිවිසගෙන සිටි අතර පසුව ඔහු ඉන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගැනීම හේතුවෙන් වෙඩික්කරු මොහු සමග අමනාපයෙන් සිට ඇති බව සඳහන් වේ.
මෙම ව්‍යාපාරිකයා සිය නිවසේ සිට කැබ්රථය මාර්ගය දෙසට හරවන අවස්ථාවේ අදාළ නාඳුනන පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇත.
සැකකරුවන් මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් භාවිතා කර ඇති බව පොලිසිය සදහන් කරයි.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ බිම මිලිමීටර් නවය වර්ගයේ හිස් පතරොම් කොපු 2ක්ද, ජීව උණ්ඩයක් ද තිබී හමුවු අතර සැකකරුවන් අදාළ වෙඩි තැබීම සිදුකරන අයුරු ඒ අසල සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී ඇත.
වෙඩි තැබිම සිදුකල සැකකරු රටින් පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක, සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් වේ.
සැකකරු හොරණ කුඩාඋඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් කුමාර නමැති 31 හැවිරිදි අයෙක් වේ.
සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ ඇඳුම්පැ ළඳුම් හොරණ වැලිකල ලිහිණිඅරඹ ප්‍රදේශයේ කුඹුරක් අසල දමාගොස් තිබියදී පොලීසිය විසින් අද දහවල් සොයාගනු ලැබීය.
