අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.

ඊයේ (මැයි 8) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 54ක් අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page