මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇත .

එහි ආසන්නතම මරණය පෙරේදා (09 දා) වාර්තා වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, පුත්තලයිකට්ටුවාන් පදිංචිව සිටි සිවඥානම් ජයකුමාර් නමැති 45 හැවිරිදි අයෙකි.

මියගිය අයගේ මෘත ශරීරය යාපනය ශීක්‍ෂණ රෝහලට යවා සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ අධික රස්නය නිසා ඔහු විජලනය හේතුවෙන් මියගොස් ඇති බවය.

දැනට දිවයින පුරා පවතින අධික රස්නය මැයි අග භාගය දක්වාම අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි

දැනට පවතිනුයේ අන්තර් මෝසම් තත්ත්වය බවත්, නිරිත දිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වනතෙක් මෙම අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය පවතින බවත් දිවයිනේ ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, එය සෙල්සියස් අංශක 36.6ක් ලෙස වාර්තා වු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින්නේ යැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටි ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page