එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වි ඇත .
ඒ අනුව යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 ක් ද විපක්ෂව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඇතුළු සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කල අතර සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් විය.
සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවනු ඇත
