පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව බවත් සදහන් වේ.
මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනින් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලීම කර ඇත.
