ජාතිවාදීන් පක්ෂයට එකතු වීම නිසා තමන් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් සහ එහි සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.

අවස්ථාවාදය හා ජනතාව ඇන්දවීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද පැවසූ අමුණුගම මහතා තමන් මුළු දේශපාලන ජීවිතයම අන්තවාදීන් හෝ ජාතිවාදීන් සමඟ ගමන් කර නොතිබූ බවද සදහන් කර සිටියි.

මව්බිම ජනතා පක්ෂය තුළින් තාරුණ්‍ය ආකර්ෂණය කර ගනිමින් ජනතාවාදී දේශපාලන ගමනක් අපේක්ෂා කළ බවත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් සමග මව්බිම ජනතා පක්ෂය සන්ධාන ගතවීම තමන් අනුමත නොකරන නිසා පක්ෂයේ සියලු තනතුරුන් ඉවත් වූ බවත් ඔහු සදහන් කලා.

දේශපාලන හා අන්තවාදය එකිනෙකට වෙනස් බව පෙන්වා දෙන ඔහු…. එවන් සන්ධාන ගතවීමක් සම්බන්ධයෙන් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු බව තිබූ බවද සඳහන් කලා..

එදත් ,අදත් ,හෙටත් තමන් අන්තවාදය හා ජාතිවාදය බැහැර කරන බවත් එවන් පිරිස් සමග ගිය අයට අත් වූ ඉරණම පිළිබඳව උදාහරණ පවා ඇතැයි ද පවසයි …

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page