ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරයි ….

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට රට තුල ආන්දෝලනාත්මක කතා බහක් සිදු ව ඇති අතර ඒ පිළිබඳව විවිධ දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීම මේ වන විට සිදු වෙමින් පවති…

ඒ පිළිබඳව රවි කරුණානායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ …

වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බවත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් සඳහන් කර සිටියා ..

මැතිවරණය ජයග්‍රහණය කර රට හරි මාර්ගයේ ගෙනයාම විය යුතු වන බවද ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බව ද රවි කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page