වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට නීති පනවමින් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රධාන වතු සමාගම් ගොනු කල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 31 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (29දා) නියම කරන ලදි ..
රජයේ එම තීරණය ක්‍රියාත්මක කළහොත් මේ වනවිටත් අලාභ තත්ත්වයෙන් පවත්වාගෙන යන සිය සමාගම් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය හැකි බවත්, එබැවින් වතු සමාගම් සමග විධිමත් සාකච්ඡාවකින් තොරව ගෙන ඇති එම තීරණය බලරහිත කරන ලෙසත්, ඉල්ලා එම පෙත්සම විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිය…
සිය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ලබාදෙනතුරු එකී ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ප්‍රධාන පෙළේ වතු සමාගම් 21ක් ගොනුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් ඇතුළු පුද්ගලයන් හා ආයතන 52ක් නම්කර ඇත.
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළ නිවේදනය පසුගිය මැයි 1 වැනිදා නුවරඑළිය ප්‍රදේශයේ පැවැති කම්කරු රැලියකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිවේදනය කොට තිබිණි.
