2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (31දා) දිනයේදී නිකුත් කිරිමට උත්සාහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි
ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් දිවයිනෙන් සහ දිස්ත්‍රික්කවලින් ලබාගන්නා ස්ථානය ප්‍රකාශයට පත් නොකෙරුණත් උසස් පෙළ විභාගයේදී සිසුන් දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයෙන් ලබාගන්නා ස්ථානය ප්‍රකාශ කෙරෙන බවද ඔහු සදහන් කරයි
උසස් පෙළ විභාගයේ සිසුන් ලබාගන්නා ප්‍රතිඵල මත ලබාදෙන ඉසෙඩ් ස්කෝර් අගය විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා අවශ්‍ය වන නිසා එසේ කරන බවද ජයසුන්දර මහතා පවසයි
මෙවර විභාගය සඳහා පාසල් අයැදුම්කරුවෝ 281,445 දෙනෙක්ද, පෞද්ගලික අයැදුම්කරුවෝ 65,531 දෙනෙක් සමස්ථ අයදුම්කරුවන් (346,976) ක් විභාගය සඳහා ඉදිරිපත් වූහ.
