ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාරය වසර දෙකකින් දීර්ඝ කිරීම සම්බන්ධ වන තමන් කළ ප්‍රකාශය පිළිබඳව එළඹෙන සඳුදා දිනයේ පැහැදිලි කිරීමක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට පාලිත රංග බණ්ඩාර මහතා අඟහරුවා මාධ්‍ය හමුවකදී පවසා සිටියා.
ඒ සමගම එම ප්‍රකාශයට එරෙහිව පක්ෂ විපක්ෂ බොහෝ පිරිස් වෙතින් දැඩි ප්‍රහාරයන් එල්ල කල අතර තමන් විසින් අඟහරුවාදා දින සිදු කරන ලද ප‍්‍රකාශය ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති බවත් එළඹෙන සඳුදා දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන බවද ඔහු පවසයි ..
