රජය මගින් පසුගිය මැයි 1 වන දා වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු බදු පදනම මත ලබාදිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි ..

ඔහු ඒ බව සදහන් කලේ (29) දින ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් ය.

වැටුප් පරිපාලක සභාව විසින් මිට ප්‍රථම වතු කම්කරුවන්ට වැඩිකල රු 1000 වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් අධිකරණය හමුවේ පනවා තිබු නඩුවක් (29) දින යලි කැද වු අවස්තාවේ එම නඩුව වතු කම්කරුවන්ට සාදනිය ලෙස පැවති බවත් එම නඩුව මේ මස (31) දින යලි කැදවන බවත්, එහිදි වතු කම්කරුවන්ට එම වැටුප ගෙවන ලෙසට අධිකරණය මගින් වතු සමාගම් වෙත තින්දුවක් ලබාදෙන බවට තමන් ඇතුලු ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියළු දෙනා තුල විශ්වාසයක් ඇති බව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page