වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කරන වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට උපදෙස් ලබා දුන් බව කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කරයි ..
රජය විසින් නියම කළ වැටුප ගෙවිමට නොහැකි බව පවසමින් එම වතු පාඩු ලබන බව සදහන් කරන්නේ නිසි කළමනාකාරිත්වයක් නොමැති හෙයින් බව සඳහන් කරන ජනාධිපතිවරයා එම වතු නැවත ආණ්ඩුවේ පාලනයට ගැනීමට කිසිසේත් අවශ්‍ය නැති බවත් ඒව අලුත් සමාගම් වෙත බදු දිමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් මනූෂ නානායක්කාර මහතා සදහන් කරයි …
රජය විසින් බදු ගිවිසුම් අහෝසි කරන වතු සමාගම් බදු ගැනීමට අලුත් සමාගම් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින අතර එයින් වඩාත්ම සුදුසු සමාගම් වලට ගිවිසුම් අහෝසි කෙරුණු වතු බදු දෙන බව මනූෂ නානයක්කාර මහතා ප්‍රකාශ කරයි
