කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ව්සින් උඩමළුවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් නැගෙනහිර දොරටුව ආසන්නයේ දී හෙළ බොජුන් හලක් ඊයේ (16) දින අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරණු ලැබුවා.

ආර්ථිකය වැඩෙමින් පවතින සමයක ව්‍යවසායකත්වය වර්ධනය කිරිම සදහා නිවැරදි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවත් රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය තුල කාන්තා ශ්‍රම බලකාය පිලිබදව දැඩි විශ්වාසයක් තබා තිබේන බවත් ඔහු සදහන් කලා.

ව්‍යවසායකත්ව සංකල්පය වර්ධනය කිරිම සදහා සුදුසු වැඩපිළිවෙළ රාශියක් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අඩු පොළියට කාන්තා ව්‍යවසායකත්වය සඳහා ණය ලබාදීමට සැලසුම් කිරීම හා ව්‍යවසායකත්වයට අතහිත දෙන ආයතන කිහිපයක් ඒකාබද්ධ කර ඉදිරියේ දී තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබාදීමේ නව ක්‍රියාමාර්ගයක් රජය මගින් ඉදිරි මාස කිහිපය තුල සිදු කරන බව ද ඔහු පැවසුවා …

මෙම නව හෙළ බොජුන් හල තුල තම ව්‍යසායකත්වය දියුණුකර ගැනීම සදහා කාන්තවන් සියයකට ආසන්න පිරිසකට අවස්ථාව උදාවන අතර පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , අනුරාධපුර අන්තර් පලාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගෞරී සමරවීර යන මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් හා කාන්තා ව්‍යවසායිකාවන් පිරිසක් සහභාගී වුවා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page