ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු යටිතල පහසුකම් හා ජලාපවහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා ඊයේ (22දා) නුවරඑළිය පොලිසියට නියෝග කර ඇත .

පසුගිය මැයි 30 වැනිදා කැලණිවැලි වතු සමාගමට අයත් කර්මාන්තශාලාවට බලහත්කාරයෙන් ඇතුළුවී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කළ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඇමැතිවරයා ඇතුළු ඔහුගේ ආධාකරුවන්ට ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් අධිකරණයට පැමිණ නැති බවත් ඒ පිළිබඳව පොලිසිය අධිකරණයට දැනුම් දිමෙන් පසුව ඇමැතිවරයා ඇතුළු සෙසු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page