ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සැප්තැම්බර් මාසයේදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී සදහන් කර සිටියා ..
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.25 ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 මට්ටමේ පවත්වාගෙන යෑමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බව සදහන් කළා…
මේ වසර ආරම්භයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ පරිදිම ඉදිරියේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වෙනුවට තනි ප්‍රතිපත්ති අනුපාතිකයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කර සිටියා .
ඒ සඳහා මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු දෙපාර්තමේන්තු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මුල්‍ය ආයතන සමඟ තාක්ෂණික සහ ප්‍රායෝගික කරුණු සාකච්ඡා කරමින් සිටින බවත් එම කටයුතු නිම වූ වහාම මේ වසර නිමාවීමට පෙර තනි ප්‍රතිපත්ති අනුපාතිකයක් හඳුන්වා දීමට හැකිවනු ඇතැයි ද ඔහු සදහන් කර සිටියා .
