රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි ..
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා …..
“රඳවා තබාගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.”
“සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා.”
“සාමාන්‍යයෙන් මාසයකට රු 150,000ක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ. නමුත් රඳවා තබාගැනීමේ බද්ද හරහා සිදුවිය හැකි දේ තමයි රු 150,000කට යටින් ගත්තත් රඳවා ගැනීමේ බද්දක් ලෙස පැනවීමේ හැකියාව තිබීම.”
“ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා..ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්ත්වය ඉදිරිපත් කරලා ඒ බද්දට ඇතුළත්වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන පරිදි.”
“මෙහි අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික රු 150,000ට වඩා බදු සීමාව අඩු ආදායමක් ඇති සහ සියයට 10 ට බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට තමන්ගේ රඳවා තබාගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබාගැනීමේ බදු අනුපාතයන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.”
