මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සදහන් කරයි .
හිගයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිර වී සහ සහල් සදහා සහතික මිලක් එකවර තීරණ කර ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි .
