නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දෙන ලදි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා,
එම්.එස්.කේ.බී.විජේරත්න මහතා
මේනකා විජේසුන්දර මහත්මිය සහ සම්පත් බී. අබේකෝන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන් අය වේ.
