පසුගිය රජයන් සිදු නොකළ අන්දමට නිදහස් සෞඛ්‍ය පද්ධතිය පුද්ගලීකරණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව සූදානම් වන බව
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි
ඔහු මේ බව සඳහන් කළේ අද (14) කොළඹ නිපෝන් හෝටලයේදී පැවති ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවෙහි සමාරම්භක මාධ්‍ය හමුවෙදිය…
සෞඛ්‍යා දහපනය ඇතුළු ප්‍රධාන විෂය පථය ගණනාවක් අතනෝමතික ලෙස ප්‍රතිසංස්කරණය කරමින් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව පුද්ගලීකරණය සඳහා ක්‍රමිකව සැලසුම් සකස් කිරමින් සිටින බවත් ඒ
හේතුවෙන් ඉදිරියේදී ග්‍රාමීය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය පද්ධතියේ රසායනාකාර හා විකිරණ තාක්ෂණ සේවා සඳහා පුද්ගලික අංශයට විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේදී ඒ සඳහා වැයවෙන මුදල්ස සොයාගත නොහැකි වීමෙන් රාජ්‍ය සේවයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අසරණ වන බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසර තිහක කාලසීමාව තුළදී මෙරට ආණ්ඩු වලට දැඩි බලපෑමක් සිදු කලේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නොව පාර්ලිමේන්තුවෙන් පිටත වෘත්ති හා සිවිල් සංවිධාන බවද , එකී වෘත්තිය හා සිවිල් සංවිධානවල හඬට කන් නොදුනු සියලු ආණ්ඩු බලවත් ලෙස මහජන අප්‍රසාදයට හා බලය අහිමිවීමට ලක්වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
එකිනෙකට වෙනස් ස්වාධීන මත දරණ වෘත්තීය සංවිධාන සියයකට ආසන්න ප්‍රමාණයක් රජයේ අත්තෝනමතික ක්‍රියාමාර්ග වලට එරෙහිව පොදු අරමුණකින් ක්‍රියා කිරීම සඳහා ස්වාධීන වෘත්තිය සමිතියේ එකමුතුව ලෙස මින් ඉදිරියට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි..
