කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පසුගිය දා සමත්ව ඇත…

කාරක සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එහි බහුතර බලය ලබාගෙන ඇත. කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නිල බලයෙන් එම කාරක සභාවට පත්ව ඇති අතර එහි සෙසු සාමාජිකයින් 5 දෙනාම පත්ව ඇත්තේ විපක්ෂයෙනි. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 60කි.

ඒ අනුව විපක්ෂ කණ්ඩායමට බලය හිමිව ඇති හෙයින් නගරාධිපතිනියට ඔවුන් සමග මුදල් කාරක සභාවේ කටයුතු කරගෙන යාමට මින් ඉදිරියට සිදුවේ.

මේ ආකාරයෙන්ම කොළඹ නගර සභාවේ පවතින කාරක සභා 23 හිම බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරියේදී කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page