පිළිකා ඖෂධ ඇතුළුව වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොවන උපකරන හිඟය ඇතුළු සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් මේ වන විට ඉස්මතු වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ස්වධීන වෘත්තීය සංවිධාන එකමුතුව ඊයේ කොළඹ නිපන් හෝටලයේදී සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදී වැදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා …
ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සේවය මේ මොහොතේ බලපාන ප්‍රශ්න විස්සකට ආසන්න ප්‍රමාණයක් ගැන කරුණු ඉදිරිපත් කරන ලදී මෙම ගැටලු අතර
1-පිළිකා ඖෂධ , වකුගඩු රෝග සඳහා වන ඖෂධ, ඇතුළු දිනපතා උග්‍ර වන අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ හිඟය.
2-බාහිර ෆාමසිවල ඖෂධ මිල ඉහළ යාම.
3-ප්‍රධාන පෙළේ රෝහල් පද්ධතිය තුළ රසායනාගාර සේවා බිඳ වැටීම.
4 .CT, MRI SCAN ANGIOGRAM AND RADIOTHERAPY සේවා බිඳවැටීම.
- ඖෂධ නියාමනය බිඳවැටීම නිසා තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළට ඇතුල්වීම.
- විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තකයන් රට හැර යාම.
- පෞද්ගලික වෛද්‍ය සේවා නියාමනය බිඳවැටීම නිසා ඉහළ මිල ගණන් යටතේ සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට සිදුවීමෙන් පෞද්ගලික අංශයේ රෝහල් හා රසායනාගාරවලදී සාමාන්‍ය මහජනතාව අපහසුතාවයට පත්වීම.
- හෘද ශල්‍යකර්ම ඇතුළු ශල්‍යකර්ම සඳහා දිගු පෝලිම් එකතුවීම.
- සෞඛ්‍ය සේවාවේ විගණන කටයුතු බිඳ වැටීම සහ නිසි පරිදි විමර්ශනය කොට වගකීමට නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය අඩපණ වීම.
- දිවයින පුරා රෝහල් රැසක ජ්‍යෙෂ්ඨ රෝහල් අධ්‍යක්ෂකවරු හා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවීම.
- යළි සේවයට එක්වීමට කැමති රට හැරගිය වෛද්‍යවරුන් සේවයට එක් කර ගැනීම ප්‍රමාද කිරීම.
- බාහිර ෆාමසි නියාමනය අඩපණ වීම නිසා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති ඖෂධ වෙළඳපොලේ සැරිසැරීම.
- දැඩිසත්කාර එකක පහසුකම් පුළුල් නොවීම නිසා අසාධ්‍ය රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා .
- ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සේවක ප්‍රමාණයක් නොමැති වීම නිසා මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධව මතුවන ගැටලු ඉහළ යාම.
- වයස අවුරුදු 2 ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් ප්‍රමාදවීම.
- විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සෙවකයන්ගේ වැටුප් දීමනා හා ගෙවීම් සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය ප්‍රමාද වීම
- සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිතිවලට තමන්ට බලපාන ප්‍රශ්න සමග සාකච්ඡා කිරීම සඳහා දේශපාලන යාන්ත්‍රණය ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම.
- සෞඛ්‍ය සේවාවේ ඇතැම් සේවාවන් පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කොට බදු දීමේ ව්‍යාපෘති හරහා පෞද්ගලීකරණය සම්බන්ධ වන ක්‍රියාව ආරම්භ වීම
- ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නීතිගත කිරීම ප්‍රමාද වීම.
- දිගින් දිගටම ප්‍රමිතිය ප්‍රශ්න සහගත වන ඉන්දියානු සමාගම්වලට අවස්ථාව ලබාදීම, හා පසුගිය කාලයේදී මෙරටට ප්‍රශ්න සහගත බාල ඖෂධ ගෙන්වීම සඳහා දායක වූ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදය සහ එම සමාගම් අසාධු ලේඛනගත කිරීමට කටයුතු නොකිරීම.
මෙම ප්‍රමුඛ සෞඛ්‍ය ප්‍රශ්න කෙරෙහි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව නොමැති බව ඉතා පැහැදිලි වන අතර එදිනෙදා පැලැස්තර විසඳුම් ලබාදෙමින් සෞඛ්‍ය සේවාව, රෝගීන් සහ අදාළ සේවකයන් කෙරෙහි වගකීම් විරහිත ලෙස කටයුතු කරන බව පෙනී යයි. මේ තත්ත්වය කෙරෙහි රජය කඩිනම් අවධානය යොමු නොකරන්නේ නම් ස්වාධීන වෘත්තිය සමිති ව්‍යාපාරය ලෙස ඉදිරි කාලයේදී රජයට දැඩි බලපෑම් සිදු කිරීමට ඒකාබද්ධ විරෝධතා වැඩසටහනක් දියත් කිරීමට සිදුවන බව ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා මෙම ගැටළු නිරාකරණයට කඩිනම් අවධානය යොමු නොකරන්නේ නම් ඒකාබද්ධ වෘත්තිය සමිති ව්‍යාපාරයක් ලෙස නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලපෑම් සිදු කිරීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
