2026 අයවැය සහන ලබා දීම සඳහා වන ක්‍රමවේදය අනුගමනය කරමින් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා දිරි දීමනාවක් වතු කම්කරුවන් වෙත ලබා දීමට අමාත්‍යා මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබා දීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1550 දක්වා වැඩි කිරීමට සහ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200 ක් ඔවුන්ට ගෙවීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කර තිබිණි.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
