චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය වැඩ වර්ජනය අද දින දහවල් අවසන් කර තිබුණු අතර මේ වන විට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කල බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කර සිටි.
