සියලු ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, සියලු ආගම් ඇදහීමට සමාන නිදහසක් පවත්වාගෙන යන ඒකම රට ශ්‍රී ලාංකාව බව ඒකාබද්ධ සිවිල් හ වෘත්තීය සමිති එකමුතුවෙ කැඳවුම්කරු , ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් තුසිත පෙරේරා පවසයි.
රටක අනන්‍යතාවය ඒ රටේ ඉතිහාසය බවත් ශ්‍රී ලංකාව යනු අභිමානවත් ඉතිහාසයක් ඇති රටක් බවත් එය රැක ගැණිම ශ්‍රී ලාංකික සැමගේ වගකිම බවත් සදහන් කරන ලදි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ….
සභ්‍යත්වයෙන් පිරි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ලෝකයේ ඇති එකම රටත් ශ්‍රී ලංකාව.
විවිධ ජාතීන්, විවිධ ආගම් හා විවිධ සංස්කෘතික පසුබිම් එකට ජීවත් වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සුවිශේෂී අනන්‍යතාවයක් රඳවාගෙන ඇත.
සියලු ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, සියලු ආගම් ඇදහීමට සමාන නිදහසක් පවත්වාගෙන යාම ශ්‍රී ලාංකික සමාජයේ මූලික ලක්ෂණයක්.
මෙම සමාජ සමබරතාවයට මූලික හේතුවක් වන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගත් රාජ්‍ය සම්ප්‍රදායක් අප රට සතු විම නිසා.
සියලු ආගම් හා ජාතීන්ට මෙරට තුළ නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත..එහෙත් අද වන විට රට තුළ පවතින තත්ත්වය අතිශය ඛේදනීය ය.
ජාතිය, ආගම, සංස්කෘතිය හා සභ්‍යත්වය අඩාල කරමින් හෝ බිඳ හෙළමින් යම් සංවිධානාත්මක ප්‍රවණතා ක්‍රියාත්මක වන බව පැහැදිලිව දැකගත හැක.
විශේෂයෙන් බුදු දහමට එල්ල වන විවිධ අභියෝග සම්බන්ධයෙන් සමාජය ලෙස අප සැවොම ගැඹුරු අවධානයෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
මෙම විනාශකාරී ප්‍රවණතා මෙරට තුළින්ද ඒසේත් නැතිනම් විදේශ බලපෑම් මඟින්ද ඇතිවනවාද යන්න විමසිලිමත්ව සොයා බැලිය යුතුය..
අතීතයේ සිට මෙරට ජීවත් වූ විවිධ ආගම් හා ජාතීන් කිසිවෙකුටත් තම ආගම ඇදහීමට හෝ තම සංස්කෘතික අනන්‍යතාවය ගොඩනැගීමට බාධාවක් හෝ සීමාවක් කිසිසෙත්ම තිබුණේ නැහැ.
එම සාමකාමී සමාජ ව්‍යුහය අද වන විට අර්බුදයකට ලක් කිරීමේ උත්සාහයන් අපට පෙනවා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයක් ලබාදී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කල යුතුයි .
අනිකුත් සියලු ආගම්වල නිදහසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.මගින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ඇත.
ඒ අනුව, බුද්ධාගමට හිමි ප්‍රමුඛ ස්ථානය රැකගැනීම ජාතිවාදය හෝ ආගම්වාදය වැපිරීමක් නොවන බව වටහ ගත යුතුය.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීමක් බව , රජයත්, විශේෂයෙනම රටේ ඉහළ සිට පහලට සියලු පුරවැසියනුත් සිහි තබා ගත යුතුය.
විවිධ ආගම් හා විවිධ ජාතීන්ගෙන් සමන්විත අප සැවොම රටේ සංස්කෘතික හා සභ්‍යත්වමය වටිනාකම් රැකගැනීම සඳහා එකමුතුව කටයුතු කළ යුතුය.
ඒකීය රාජ්‍යය, ආගමික නිදහස, සංස්කෘතික උරුමය මේ සියල්ල රැක ගන්නට උත්සහ ගන්නේ ශ්‍රී ලාංකික ජතිය රැකගැනිමට මිස කිසිදු පාර්ශවයකට එරෙහි සටනක් නොවන බවත් විශේෂයෙන්ම සදහන් කල යුතුය.
අපගේ අනාගත පරපුර වෙනුවෙන් අපට උරුම ශ්‍රී ලංංකිය සංස්කෘතිය රැක ගැනිමට අප කැප විය යුතුය.
එය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකම් හ වගකීමක් බවත් අවබෝධ කරගත යුතුය ..
