ඉහළ ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි .
එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව ද අමාත්‍යවරයා කියා සිටයේය .
අස්වැසුම වැඩපිළිවෙළ කිසිදු යටි අරමුණක් නැති බවත් මෙම වැඩපිළිවෙල යටතේ සැබෑවටම සුබසාධන ආධාර ලැබිය යුත්තන්ට එය ලබා දීමෙන් නිශ්චිත කාලයකදි ඔවුන්ට සහනාධාර අවශ්‍ය ද කියන තැනකට ඔවුන් යොමු කිරීමයි මෙම වැඩ සටහනේ මූලික ඉලක්කය යි.
අසීරුවෙන් ජීවත්වෙන තමන්ගේම රටේ ජනතාවට නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ දේශපාලනයෙන්, ජාති භේදයෙන්, හෝ වෙනත් භේදවලින් තොරව නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ සහනාධාර ලැබිය යුත්තාට ආධාර ලබා දීමයි අපගේ මූලික ඉලක්කය බවත්
අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා භාර ගත් අවසන් දිනය වූ ජූලි මස 10 වැනි දින වන විට ඒ සඳහා අභියාචනා සහ විරෝධතා 960,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා . එම අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය
