අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.
වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණි.
එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකිරෙන බවත්
රට තුළ එළු කර්මාන්තය සාර්ථකව සිදුනොවන බැවින එළු මස් සහ එළු කිරි ආනයන කරන තත්ත්වයකට ග්‍රාමීය එළු කර්මාන්තය නැංවීමටයි තීරණය කර ඇත .
මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.
