ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන්හලක් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මිහින්තලේ අවට ජනතාව පසුගිය දා දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.
මේ දක්වා මිහින්තලේ නගරය තුළ මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යැයි කියමින් මිහින්තලාවට මේ සිදුකරන විනාශය තමන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව රැස්ව සිට ජනතාව පැවැසූහ.
මිහින්තලා පුදබිමට කිලෝමීටර් 10ක් අවටින් මත්පැන් බලපත්‍ර තහනම් කරමින් රජය මගින් මීට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ .
එසේ තිබියදි මිහින්තලා පුදබිමට , රජරට විශ්වවිද්‍යාලයට හා පාසල් දෙකකට මීටර් 200 කටත් වඩා අඩු දුරකින් තිබෙන හෝටලයක් සඳහා මෙම බලපත්‍රය ලබාදී ඇති බව ඔවුන් පවසයි .
මිහින්තලේ විශ්වවිද්‍යාලය අසලට රැස් වූ විශාල ජනතාවක් මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණයේ යෙදුනු පිරිස් පුත්තලම ත්‍රිකුණාමලය ,A 12 මාර්ගය, මිහින්තලය විශ්වවිද්‍යාලය ඉදිරි පිටින් වසා දමමින් පැය දෙකකට ආසන්න කාලයක් මෙම උද්ඝෝෂණයේ නිරත විය.
මෙහිදී පැමිණ සිටි පිරිස් මෙහිදී පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ලබා දුන් එම පොරොන්දුව විශ්වාස කරමින් එම ස්ථානයෙන් පිටව යන බවය. දින 5ක් ඇතුළත දී මෙයට නිසි විසඳුමක් ලබා නොදුනහොත්, මහා සංඝරත්නය ඇතුළු සියලු ජනතාව ඒකරාශී කර ගනිමින් දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි .
