ඳමතට යානයක් මෙහෙය වූ සිව්වෙනි රට බවට පත් වීමේ දෙවෙනි ප්රයත්නය ඉන්දියාව අද (14) දැරීමට සූදානමින් සිටී.
ඒ චන්ද්‍රයාන් iii යානය සඳ කරා යන ගමන ආරම්භ කිරීමෙන්ය. මෙයට පෙර 2020 වසරේදී චන්ද්‍රයාන් ii යනුවෙන් නම් කළ යානය සඳ කරා මෙහෙයවුවද එම ප්‍රයත්නම අසාර්තක විය. චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළුවුවද ඉන්පසුව එය විනාශ වී ගියේය.
හෙට චන්ද්‍රයාන් iii යානය සමගින් ගමන් අරඹන සඳ තරණය කිරීමේ ව්‍යාපෘතිය අනුව අගෝස්තු මස 23 හෝ ඒ ආසන්න දිනයකදී අදාල යානය සඳහ මත ගොඩබැස්සවීමට සැලසුම් කර ඇත. ඉන්දියාව විහේෂයෙන්ම පෞද්ගලික අංශයද යොදාගනිමින් වානිජ අපේක්ෂාද පෙරදැරිකරගෙන මෙම අත්හදා බැලීම සිදු කරනු ලබයි.
