ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන පමණක් ආනයන කිරීම සඳහා ආනයන සිමාවන් ලිහිල් කිරීමට හැකියාවක් ඇත්දැයි මේ වන විට රජය සාකච්ඡා කරමින් සිටි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ ඇත.
වාහන ආනයනය උපායමාර්ගිකව සැලසුමක් සහිතව ආනයනය ඇරඹීමට එහිදී සාකච්ඡා කර ඇත.
එය ආරම්භයක් ලෙස විදුලි වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කල හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත .
