එළඹෙන මහ කන්නයේදී රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ලබා දීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.
ලබන මහ කන්නයේදී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද ගොවින්ට සිය කැමැත්ත පරිදි පෞද්ගලික අංශයෙන් හා රජයේ පොහොර සංස්ථාව මගින් පොහොර මිල දී ගැනීමට ද හැකියාව ඇති බව අමරවීර වැඩිදුරට ත් සඳහන් කරයි.
