මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණය වීමටත් ගනුදෙනු කිරීමටත් ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටී .

ඔහු මේ බව තහවුරු කලේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගිය 13 වනදා පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම ව්‍යාපාරිකයන් හමු වී අදාල තහවුරුව ලබාදීම විශේෂත්වයකි. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහභාගී වී ඇත.

මෙම ව්‍යාපාරික හමුවේදී ජනාධිපතිවරයා විදේශීය මුදල් ඒකක රට තුළ සංසරණයට ඉඩදීම සම්බන්ධයෙන් පල කළ අදහස් රජයේ නිල වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ පහත ආකාරයටයි.

“ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ සංසරණය වීම පිළිබඳව මෙහිදී කතා වුණා. ඉන්දියාවේ රුපියල පමණක් නොවෙයි , ඩොලර් පවා සංසරණය වෙනවා නම් මෙරට ආර්ථිකයට එය ඉතාම වැදගත් වෙනවා. ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතුයි. ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව මම කියන්න කැමතියි.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page