තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනතක් මේ වසර අවසානයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටි.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10 ක් මෙම නව්‍යකරණ කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලැබිමට හැකි අයුරින් සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000 කින් අඩු කර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසීය.
