ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය ප්‍රකාශ කළේ එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි.

වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී පොදු යාන්ත්‍රණයකින් පරිබාහිරව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page