ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 වසර සහ 3 වසර පීඨවල සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය ඊයේ (ජුලි 20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 2 සහ 3 වසර පීඨ වල සිසු කංඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය නිසා සිසුන්ට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල භූමිය තහනම් කරමින් එම සියලුම සිසුන්ට 18 වන දින පස්වරුවේ සියලුම නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට විශ්වවිද්‍යාලයීය බලධාරීන් දැනුම් දුන්හ .

මෙම බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට පැමිණ සිටියදී කිසියම් ගැටුමක් හටගෙන තිබූ බවත් ,ඒ සමගම බදුල්ල නගරයේ මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ශාව තරකර තිබිණ .

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කර අදාළ විමර්ශන කටයුතු සිදු කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page