උද්ධමනය ඉහළ රටවල් අතරින් 5 වන ස්ථානයේ සිට ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වය දක්වා ගෙනඒම යහපත් ආර්ථිකමය මූල්‍යමය කළමණාකරණයේ ප්‍රතිථලයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ අගෝස්තු මාසය වන විට උදධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකි වනු ඇති බවයි.
උද්ධමන අසාමාන්‍ය ලෙස ඉහළ යෑම වැළැක්වීමට කළමණාකරණ වැඩපිලිවෙලක් සකසා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කලා.
2022 සැප්තැම්බර් සියයට 69.8 වු උද්ධමනය 2023 ජුනි අවසන් වන සියයට 12 දක්වා අඩු වී ඇත
2022 සැප්තැම්බර් සියයට 94.8 වු ආහාර උද්ධමනය 2023 ජුනි මස සියයට 4.1 දක්වා පහත වැටි ඇත .
